පිරිමින්ගේ පියයුරු සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වන්නේ ඇයි ? ඔබගෙත් මෙහෙමද ?

 

පිරිමින්ගේ පියයුරු සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වන්නේ ඇයි ? ඔබගෙත් මෙහෙමද ? piriminge piyayuru leda kamsepa kamsapa blog lingika adyapanaya ලිංගික අධ්‍යාපනය  සෞඛ්‍යය

                   පිරිමින්ගේ පියයුරු විශාල වීම සිදුවන්නේය පුරුෂ හෝමෝන (Androgen) සහ ස්ත්‍රී හෝමෝන (Oestrogen) වල සිදුවන අසමතුලිතතාවය නිසාය. සාමාන්‍යයෙන් මෙම තත්ත්වය භයානක නොවුනත් සියයට එකක් (1%) පමණ පිරිසකට එය පිළිකාවක් දක්වා වර්ධනය වීමට පුළුවන.


          තරුණ පිරිමි ලමුන්ගෙ පියයුරු විශාල වීම හෙවත් ගයිනකෝමැස්ටියා (gynaecomastia ) තත්ත්වය වර්තමානයේ බොහෝ තරුණයන්ගේ මෙන්ම පාසල් යන වයසේ සිටින පිරිමි දරුවන්ගේ ද මානසික අසහනයට හේතු වී තිබේ. මෙම තත්වය නිසා බොහෝ පිරිමින් සමාජයේ ලජ්ජාවට භාජනයවේ. නාන තටාකයකට පවා යෑමට නොහැකි ලෙස අවලස්සන වේ. මෙය මානසික ගැටලුවක් බවට පත්වීමට පුළුවන. මෙය පිරිමින්ගෙන් තුනෙන් එකකට පමණ ඇතිවන තත්වයක් වුවත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළ හැකියි.


ඒ සඳහා සරල සැත්කමක් සිදු කළ යුතුයි. මේ සඳහා රෝහල් ගත වී නැවතී සිටීමට අවශ්‍ය නොවේ. උදේ රෝහලට පැමිණ සවස ගෙදර යා හැක. එමෙන්ම පසුදින සිට වැඩට යාහැක. එම නිසා ඔබගේ උඩුකය නිරාවරණය කිරීමට තවදුරටත් ලජ්ජාජ විය යුතු නැත.

ඇතැම් පිරිමි ළමුන්ගෙ පියයුරු විශාල වීම සිදු වන්නේ ඇයි ?

පියුරු වල වර්ධනය ක්‍රම දෙකකට සිදුවේ.


1. පියයුරු පටක වැඩිපුර වර්ධනය නිසා

2. වැඩිපුර මේදය තැන්පත්වීම නිසා යන කාරනා දෙක නිසයි.

ස්වාභාවිකවම මෙම තත්වය ළදරුවෙක් ඉපදුන ගමන්ම තිබිය හැක. එයට හේතුව මවගේ කුසතුල සිටින විට මවගෙන් ලැබෙන ඊස්ට්‍රජන් (estrogen ) හෝමෝනය නිසයි. පිරිමි ළමයෙකු වැඩිවිය පැමිණෙන වයසේ සිටින විට සහ වයසට යන විට මෙම තත්ත්වය ඇති විය හැක. බහුලවම දක්නට ඇත්තේ සාමාන්‍ය ලෙස සිදුවන වර්ධනයේ අධි වර්ධනයකි. මෙහිදී රුධිරයේ ඇති හෝමෝන වල සිදුවන වෙනස් වීම් නිසා පියයුරු පටක සහ මේදය තැන්පත්වීම වැඩිවේ.


සෑම පිරිමි දරුවෙක්ම උපත ලබන විට පියයුරු පටක ඉතා සුළු වශයෙන් පිහිටා තිබෙනවා. පිරිමි දරුවකුගේ වර්ධනය සමග පියයුරු වල ඇති සැලකිය යුතු විශාල වීමක් ගැහැනු දරුවකුගේ මෙන් සිදු නොවේ. මීට හේතුව පිරිමි දරුවන් වැඩිවිය පැමිණීමත් සමග ශ්‍රාවය වන ටෙස්ටස්ටෙරෝන් (testosterone ) නැමැති හෝර්මෝනයයි. මීට අමතරව සෑම පිරිමි දරුවකුගේම ඊස්ට්‍රජන් (Oestrogen ) හෝමෝනයත් යම් මට්ටමකට පවතින අතර එහි ඇතිවන අසමතුලිතතාවය නිසා පියයුරු පටක වල වැඩිපුර වර්ධනයක් සිදුවිය හැකයි.


ඉතාම කලාතුරකින් වෘෂණ කෝෂවල අසාමාන්‍යතාවයක්, වකුගඩු සහ අක්මාව රෝගී තත්ත්වයක් නිසා මෙය සිදුවිය හැකයි. ඇතැම් විට (Prednisolone වැනි ) සමහර ඖෂධ කාලයක් භාවිතා කිරීමෙන් මෙම තත්වය ඇතිවිය හැක. නමුත් බොහෝවිට අප දකින්නේ ශරීරයේ ස්ථුලතාවය සමග මෙම තත්ත්වය ඇතිවන බවයි. මෙම තරුණ ළමුන් ස්ථුල බව අඩු කර ගත්ත ද පියයුරු වල ප්‍රමාණය නැවත යථා තත්ත්වයට පත් නොවේ.

මෙම තත්ත්වය කිසිදු ඖෂධයකින් ප්‍රතිකාර කළ හැකි නොහැක.

පියයුරු විශාල වූ පිරිමි දරුවකුගේ රුධිර පරීක්ෂණ කිරීම අවශ්‍ය වනවා නේද ?

මනාව වැඩුණු පුරුෂ ලිංගික අවයව ඇති සහ එහි ක්‍රියාකාරීත්වය මැනවින් පවතී නම් රුධිර පරීක්ෂණ කිරීම අනවශ්‍ය අතර රෝගියා පරික්ෂා කිරීමෙන් පසු රුධිර පරීක්ෂණ අවශ්‍ය නම් පමණක් සිදුකරනු ඇත.


ඖෂධ මගින් මෙම තත්ත්වයට ප්‍රතිකාර කළ නොහැකිද ?

මා මුලින් සඳහන් කළ පරිදි මෙම තත්වය බොහෝවිට ඖෂධ මඟින් යථා තත්ත්වයට පත්කළ නොහැකි ය. එමෙන්ම ව්‍යායාම මගින් ඇග අඩුකර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබේ. මේ සඳහා සැත්කමකට යොමු වීම අනිවාර්ය වේ.

සැත්කමට සුදුසු රෝගියෙක් හඳුනා ගන්නේ කෙසේද ?

නිරෝගී සහ මානසිකව ස්ථාවර ඕනෑම වයසක පිරිමියෙකුට මෙම සැත්කම සිදුකල හැකියි. ඇදෙන සුළු දැඩි සමක් සහිත පිරිමින් හට හොඳම ප්‍රතිපල ලැබේ. එයට හේතුව නම් ඔවුන්ගේ ඇඟේ හැඩයට සම හැඩ ගැහෙන නිසයි.


සැත්කමක් මගින් විශාල වූ පිරිමි පියවර නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරන්නේ කෙසේද ?

ඒ සදහා පවතින සාර්ථකම සැත්කම වනුයේ මේද චුෂණ (Liposuction ) මඟින් ඉවත් කිරීමයි. මෙහිදී පළමුව විශේෂිත දියරයක් විශාල වූ පියයුරේ මේද පටක වෙත එන්නත් කර පසුව විශේෂිත චූෂණ උපකරණයකින් මේදය ඉවත් කරනු ලැබේ. මෙහිදී යොදන කැපුම් ඉතා ම කුඩා වන අතර පිටතට කැළලක් නොපෙනේ.


ඉතා විශාල වූ පියයුරු ග්‍රන්ථයක් ඇති විට මේද චුෂණ මඟින් ඉවත් කළ හැකිද ?

පියයුරු ග්‍රන්ථිය මේද චුෂණය මගින් ඉවත් කළ නොහැකි. එය ඉවත් කළ හැක්කේ සියුම් ලෙස තනපුඩුව ඇතුළතින් ඇති කරන කැපුමක් තුළින් කපා ඉවත් කිරීමෙන් පමණි. එහිදී ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම ඉවත් නොකෙරේ. එසේ කළහොත් තන පුඩුව ඇතුළට ගිලී යාමෙන් අවලක්ෂණ පෙනුමක් ඇති කිරීමට පුළුවන. පළපුරුදු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු නොවී මෙම සැත්කම් සිදුකර ගත හොත් අසාමාන්‍ය ලෙස මේද කොටස් සහ පටක ඉවත් කිරීම නිසා අසමතුලිත සහ අවලක්ෂණ පියයුරුවක් ඇතිවිය හැකියි.

ඔබ සඳහන් කළ පරිදි වෙනස් ශල්‍ය වෛද්‍යවරයකු විසින් සිදුකර අසාමාන්‍යතාවයක් ඇතිවූ පියයුරුවක් නැවත යථා තත්ත්වයට පත් කළ හැකිද ?

සත්‍ය වශයෙන්ම එය සාර්ථකව සිදුකළ හැකියි. මෙහිදී අසාමාන්‍ය ලෙස ඉවත් වූ පටක කොටස් මේදය එන්නත් කිරීම් මගින් යථා තත්ත්වයට පත්කර ගත හැකියි. එමෙන්ම ඉවත් කළ කොටස් වටා මේද චුෂණය මගින් ක්‍රමානුකූලව ඉවත් කිරීමෙන් මෙයට සාර්ථකව ප්‍රතිකාර කළ හැකියි.


මේද චුෂණය (Liposuction) මගින් යථා තත්ත්වයට ගත් පියයුරක නැවත මේදය තැන්පත් වීම සිදු නොවේද ?

මෙය ඉතා කලාතුරකින් සිදුවිය හැකි. එහෙත් මේද චුෂණය කිරීමෙන් පසුව කෙනකු තමන්ගේ ශරීරයේ බර පාලනය කිරීම, ආහාර පාලනය කිරීම, ව්‍යායාම මගින් සිදුකළ යුතුයි.

මෙම සැත්කම සිදු කිරීමෙන් ඇතිවන අවදානම් තත්ත්ව මොනවාද ?

මේද චුෂණය බොහෝදුරට සිදුකරන්නේ ආරක්ෂා සහිතව පූර්ණ සිහි නැති කිරීමකින් පසුවයි. එම නිසා අනියත බියක් ඇති කරගත යුතු නැත. පළපුරුදු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු මෙම සැත්කම සිදුකරන විට ඇතිවන අතුරු ආබාධ අවමයි.


මෙම සැත්කමෙන් පසුව පියයුරු යථා තත්ත්වයට පත් විමට කොපමණ කාලයක් ගතවේද ?

සාමාන්‍යයෙන් මෙම සැත්කම සිදුකර පළමු දින කීපය සාමාන්‍ය වේදනාවක් ඇතිවිය හැකි අතර එය සුළු වේදනා නාශක ඖෂධ මගින් මැනවින් පාලනය කළ හැක. මෙම තත්ත්වය කෙමෙන් නැතිවී සති තුනකින් පසුව වේදනාව සම්පූර්ණයෙන්ම නැති වී යයි. බොහෝ විට පළමු දින කීපයෙන් පසුව නැවත සාමාන්‍ය ලෙස වැඩ කටයුතුවල නියැලීමට පුළුවන. පළමු සති තුනක (3) කාලය තුල ශරීරයේ උඩ කොටසට ඇඳුමක් තද වන ලෙස ඇඳීම ඉතා වැදගත්.

මෙය එක්දින සැත්කමක් ලෙස ද සිදුකළ හැකි අතර රෝහලේ නැවතී සිටීමට අවශ්‍ය නොවේ.


මේ සඳහා ප්‍රතිකාර නොකර සිටියොත් කුමක් සිදුවේද ?

පිරිත් පියයුරු වල ඇති පටක වර්ධනය වීම සමග කලාතුරකින් පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක. කෙසේ වෙතත් මෙම තත්ත්වය සියයට එකක් (1%) පමණ අවම අනතුරුදායක තත්ත්වයකි. බහුලව ඇතිවන ගැටළුව නම් සමාජීය වශයෙන් ඇතිවන අපහසුතාවයයි.