පුරුෂ ලිංගයේ ප්‍රමාණය සාමාන්‍යයෙන් අඟල් 3.5 සිට ඉහලට වනවා. බොහෝ දෙනා සිතා සිටින්නේ ලිංගය විශාල වූ පමණින් ලිංගික සුවය වැඩි වනවා කියා. නමුත්, එය ඔබ දෙදෙනා කරන ක්‍රියාකාරකම් මත රඳා පවතිනවා. මෙයට කියන්නේ Foreplay කියලා. ලිංගය ඇතුල් කිරීමට පෙර ඔබ සිදු කරන සිප වැළඳගැනීම්, ලිංගික ප්‍රදේශයේ සිදු කරන උත්තේජනයන්. දිව ගෑම ලෙවකෑම වැනි දේ වලින් දෙදෙනාටම බොහෝ සතුටක් ලැබිය හැකියි.
නියම ලිංගික කර්තව්‍යයට ගත වන සාමාන්‍ය කාලය විනාඩි 13 ක් පමණ වනවා. මෙය විනාඩි 5 කට වඩා වැඩි නම් හොඳ ලිංගික සුවයක් ලැබෙන කාලයක් වනවා. ක්‍ෂණික මෝචනය කියන්නේ ලිංගය ඇතුලත් කරලා විනාඩි දෙකකට වඩා කාලයක් කටයුත්ත කරන්න බැරි වුනාම.. මේකට හේතු රාශියක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම බලපාන්නෙ මානසික හේතු. කලබලේ කරන්න ගියාම, අවධානය අඩු වුනාම, හදිසි වුනාම, තමන්ට අළුත්ම අත්දැකීමක් නිසා excite වුනාම මෙහෙම වෙනවා. නමුත් මනස නිසි ලෙස පාලනය කරගෙන, යන්න ලං වුනාම එළියට අරගෙන නැවත වෙනත් විදියට සතුටු වීම වගේ දේ වලින් ලිංගික කටයුත්තේ වෙලාව වැඩි කරගන්න පුළුවනි.
සමහරුන්ට යන්න වෙලා යනවා. ඒකත් සමහර වෙලාවට වදයක්.. ඒ වෙලාවට වැඩිපුර මුඛ සංසර්ගය වැනි දේ කරලා ඉක්මන් කරගන්න පුළුවනි.
ප්‍රමාණය වැඩි වීමත් සමහරුන්ට කරදරයි. පිරිමියාගේ ප්‍රමාණය විශාල වී කාන්තාවගේ විවරය කුඩා වුනාම අපහසුයි. රිදෙනවා. ඒ නිසා නිසි ලෙස පෙර සූදානම් වී කාන්තාවගේ ලිංගික ප්‍රදේශය හොඳින් තෙත් වන විදියට උත්තේජනය කරලා ලිංගය ඇතුළු කිරීම, Easy glide වැනි දෙයක් ආලේප කරලා ඇතුළු කිරීම වගේ දේවල් කරන්න පුළුවනි. ඇතුලට දාගත්තම ඉබේම වගේ ලිහිසි ද්‍රව්‍ය වැගිරෙනවා.
ප්‍රමාණය ලොකු වුනාම සමහර අයගෙ ප්‍රාණවත් බව අඩුවීමක් පවා දක්නට ලැබෙනවා.
සමහර ගෑණු ළමයි හිතාගෙන ඉන්නවා එයාලටත් සුරාන්තයෙදී දියර වගේ පිටවෙන්න ඕන කියලා. හැමෝටම එහෙම වෙන්නෙ නෑ,.. බොහොම ස්වල්ප දෙනෙකුට පමණයි එහෙම වෙන්නෙ. ඒ නිසා ජූස් යවන්න කලබල වෙන්න එපා.. ඒ වගේමයි කන්‍යාපටලය හානි වෙලා නම් පමණක් ඇඟිල්ලක් ඇතුලට දාලා G-spot එක උත්තේජනය කරලා සතුටු වෙන්න පුළුවනි. එතනදී සමහරවිට ජූස් යන්න ඉඩ තිබෙනවා. කන්‍යාපටලය කැඩිලා නැතිනම් ඇඟිලි දාන්න යන්න එපා... කැඩුනොත් හදන්න රුපියල් 20000 ට වඩා යනවා...
කන්‍යාපටලය තියෙන්නෙ යෝනි විවරයෙන් අඟලක් විතර ඇතුලට වෙන්න. ඔබ යෝනි විවරය පලල් කරලා බැලුවොත් සාමාන්‍ය රෝස පැහැයට වඩා ලා රෝස පැහැති පටලයක් දකින්න පුළුවන් වේවි. එහි මැද හිලක් හෝ හිල් කීපයක් තියෙන්න පුළුවන්. එය ඉතා සියුම් දෙයක්. එය කැඩෙන්න ලොකු බලයක් අවශ්‍ය නැහැ. ඇගිල්ලක්, පෑනක්, වැනි ඕනෑම දෙයක් ඇතුලට දැමීමෙන් කැඩෙන්න පුළුවන්. කන්‍යාපටලය කැඩුනාම ලේ එනවා. සමහරුන්ට බිංදු කීපයක් සිට සමහරවිට තරමක් ලේ ගලා යන්නත් පුළුවනි. කැඩෙන්න පුළුවන් එක පාරයි.. ඊටපස්සෙ කැඩුනා තමයි.... හැමෝටම කන්‍යාපටලය පිහිටන්නෙ නෑ,. සමහරුන්ට උපතින්ම නැති වෙනවා. සමහරු ක්‍රීඩා කිරීම වැනි දේ වල යෙදීම නිසා නොදැනුවත්වම කැඩෙන්න පුළුවනි. කන්‍යාපටලය කියන්නේ විවාහයට පෙර ලිංගික හැසිරීමක් නොකළ බවට සාක්ෂියක් විතරයි. එයින් කෙනෙකුගේ පිරිසිදු බව මැන්නත්, දැං සමාජයේ වැඩිය ඒ ගැන සිතන්නෙ නැහැ.
සාමාන්‍යයෙන් ක්‍රමවත් ඔසප් චක්‍රයක් තියෙන කාන්තාවක් ඔසප් වූ පසු දින 10-20 කාලය අවදානම් කාලය ලෙස ගණන් ගන්නවා. මෙහිදී අනාරක්ෂිත ලිංගික හැසිරීමක් සිදු වුනොත් ගැබ් ගැනීමේ අවදානම වැඩියි. මේ වගේ අවස්ථාවක postinor 2 වැනි පෙත්තක් ලිංගික හැසිරීමෙන් පැය 72 ක් ඇතුලත ගත්තොත් ගැබ් ගැනීමේ අවදානම වලක්වාගන්න පුළුවනි
නමුත් ලිංගික හැසිරීමක සුදුසුම දේ තමයි ආරක්ෂිතව උපත්පාලන කොපුවක් පළඳින එක. සමහරුන්ට මේක ගන්න ලැජ්ජාව තියෙනවා. නමුත් මේ දවස්වල මුඛ ආවරණ පළඳින නිසා කිසිම ප්‍රශ්නයක් නැතිව ෆාමසියකින් ගිහිල්ලා ගන්න පුළුවනි. කවුරුවත් අඳුනගන්නෙත් නෑ..
ගෑණු ළමයෙකුට වුනත්, අරගෙන තියාගත්තොත් හදිසියට හමුවෙන කෙනෙක් එක්ක වුනත් ආරක්ෂිතව ලිංගිකව හැසිරීම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, ඒ වගේමයි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වෙන්නත් පුළුවනි. මේවා හැදුනොත් ඉතිං වෙන ලැජ්ජාව සහ සමහර සුව නොවන රෝග සහ ඒඩ්ස් වැනි භයානක තත්ත්‍වයන් ඇතිවීම වලක්වා ගන්න පුළුවනි.
කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි පියයුරු කුඩා වීම හෝ ලොකු වීම. සමහර පියයරු අසමමිතිකයි. ඒවා සැකසීම කරන්න පුළුවන් ශල්‍යකර්ම වලින් පමණයි. කුඩා පියයරු නම් මිරිකීම සහ සම්භාහනය මගින් සයිස් එකක් දෙකක් විශාල කරගන්න පුළුවනි. බොහෝ අයට දරුවන් ලැබූ පසු, කිරි දුන් පසු පියයරු විශාල වනවා.
විශාල පියයුරු නම් කුඩා කරන්න හැකියාවක් නැහැ. ශරීරය මහත නම් එහි මේදය තැන්පත් වනවා. ඒ නිසා ශරීරයේ මහත අඩුකරගැනීමෙන් තරමක් කුඩා කරගන්න පුළුවනි. ඊට අමතරව කරන්න පුළුවන් එකම දේ පියයුරු කුඩා කරන ශල්‍යකර්මයක් කිරීමයි.
පෙරසම පිටුපසට නොයාම තවත් ප්‍රශ්නයක්. සමහරක් දෙනාට මේ ගතිය තියෙන්න පුළුවනි. ඔබ ස්නානය කරන අවස්ථාවේ පෙරසමේ සබන් ගාලා පිටුපසට කිරීම ආරම්භ කිරීමෙන් සමේ ඇදීම ඇති කරගන්න පුළුවනි. තලතෙල් වැනි තෙල් ආලේප කර නිතර නිතර සම පිටුපසට ඇදීමෙන් සම මෘදු වී පිටුපසට ඇදීමට හැකි වෙනවා. නමුත් කෙටිම ක්‍රමය නම් රජයේ රෝහලකින් නොමිලයේම කරගැනීම. එවැනි ශල්‍යකර්ම සෑහෙන කෙරෙනවා. ලැජ්ජ වෙන්න දෙයක් නෑ,.. සරළ ශල්‍යකර්මයක්
නූල කැඩීම කියන එකත් ගොඩක් අයට ප්‍රශ්නයක්.
නූල තියෙන්නෙ පිරිමින්ට
ගෑණුන්ට තියෙන්නෙ කන්‍යාපටලය. මේක දෙකක්
නූල කියන්නේ පිරිමින්ගේ ශිෂ්ණයේ ඉදිරියෙන්ම යට පැත්තෙ තියෙන ඝණ සමට, මෙය සමහර අයගෙ කොටයි, සමහර අයගෙ තදයි. මේ නිසා ශිෂ්ණ මුණ්ඩය පෙරසමින් එළියට ගැනීමට අපහසු වෙනවා. සමහර අය දැඩි ලිංගික ක්‍රියාකාරකමක ( ස්වයං වින්දනය, ගුද මාර්ග සංසර්ගය, වේගවත් ලිංගික සංසර්ගය) වැනි කටයුත්තකදී කැඩෙන්න පුළුවනි. එය බොහොම වේදනාකාරීයි. නමුත් මෙය කුඩා ශල්‍යකර්මයකින් ඉවත් කරන්නත් පුළුවනි. එවිට පහසුයි. මේක කැඩුනත් නැතත් ලිංගික සුවය ලබන්න අපහසුවක් නැහැ. නූළ තද නම් ලිංගිකව හැසිරෙන විට තරමක් වේදනාකාරී වෙනවා. ඒ නිසා එය ශල්‍යකර්මයකින් හදා ගන්න එක පහසුයි. එවිට හොඳ ලිංගික හැසිරීමක් කරන්න පුළුවනි.
සමහරුන්ට ශුක්‍රාණු ගොඩක් යනවා, සමහරුන්ට පොඩ්ඩක් යනවා. නිතර නිතර ස්වයංවින්දනයේ යෙදෙනවා නම් එක වතාවකට යන ප්‍රමාණය අඩුයි. සාමාන්‍යයෙන් පැය 24 කදී හොඳ ප්‍රමාණයක් නිපදෙනවා. මේ ප්‍රමාණය අඩුද වැඩිද යන්න පසුතැවිලි විය යුත්තක් නොවෙයි. දරුවකු සෑදීමට නම් මිලි ලීටරයකට ශුක්‍රාණු මිලි ලීටරයකට ජීවී ශුක්‍රාණු මිිලයන 20 ක් තිබුණාම හොඳටම ඇති. සාමාන්‍යයෙන් එක ශුක්‍රාණු පිට කිරීමකදී මිලියන 39 – 1000 ක් පමණ පිට වෙනවා. සාමාන්‍යයෙන් එක වතාවක මිලි ලීටර් 1.5 සිට 7.5 ක් දක්වා පිට වන්න පුළුවනි. ඒ නිසා පිටවන ප්‍රමාණය ගැන පසුතැවිලි වන්න එපා. සමහර වෙලාවට ඔබ බලන වීඩියෝ වල නාන්න තරමට ශුක්‍රාණු පිට කරනව දකින්න පුළුවන් වේවි. ඒවා වීඩියෝ එකට කරන දේවල් විතරයි. සමහරවිට වෙනත් දියරයක් වෙන්න පුළුවනි. ඒ නිසා ඒකට රැවටෙන්න එපා..