අපි මීට පෙර පෝස්ට් එකකින් කතා කළේ රවුම් පියයුරු ගැන. අද අපි කතා කරන්න යන්නේ අසමමිතික පියයුරු ගැන
අපි කාගෙවත් ඇඟ සර්ව සම්පූර්ණ නැහැ. සමමිතිය පැත්තෙන් ගත්තම කවුරුවත්ම සමමිතික නැහැ. අපේ වම්පැත්තයි දකුණුපැත්තයි එක සමාන නැහැ. ලෝකයේ ලස්සනම පුද්ගලයො ගත්තොත් ඒ අයගේ යම් සමමිතික භාවයක් තියෙනවා. නමුත් 100% ක්ම සමමිතික නැහැ.
ඒ නිසාම අපේ වම් අත, දකුණු අතට වඩා වෙනස්, පුරුෂයින්ගෙ නම් දකුණු වෘෂණය වම් වෘෂණයට වඩා වෙනස්. ගැහැණුන්ගේ වම් පියයුර දකුණු පියයුරට වඩා වෙනස්. මේ වෙනස අවම වෙනකොට සමමිතික පියයුරු තිබුණත්, සමහරුන්ගේ මේ වෙනස පැහැදිලිව පෙනෙන්න තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට පියයුරුවල හැඩය එක සමාන නැහැ. තවත් සමහර වෙලාවට එක පියයුරක් පිරිලා ලස්සනට තිබුණත් අනෙක වැහැරිලා එල්ලා වැටෙන්නත් පුළුවනි. නැතිනම් එකක් විශාලව තවත් එකක් කුඩාවට තියෙන්න පුළුවනි.
මේ නිසා අපේ තරුණියන් මාසිකව අපහසුතාවයට පත් වෙන අවස්ථා බොහොමයි. පියයුරු කුඩා නම්, විවිධාකාර මසාජ් ක්‍රම හෝ ව්‍යායාම ක්‍රම මගින් තරමක් ලොකු කරගන්න පුළුවනි. එහෙමත් නැතිනම් ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් කුඩා පියයුරට සිලිකෝන් හෝ සේලයින් Implant එකක් කරලා සම තත්ත්‍වයට ගන්න පුළුවන්. නිපල් එක පැත්තකට හැරිලා තිබුණත් Nipple Reconstruction Surgery එකක් කරලා නිවැරදිව සකස් කරගන්න පුළුවනි.
කොහොමද තමන්ගේ පියයුරු අසමමිතිකයි කියලා දැන ගන්නෙ ?
කන්නාඩියක් ඉස්සරහට උඩුකය නිරුවතින් ගිහිල්ලා පියයුරු දෙකට දෑත් තිබ්බාම ඒ පියයුරුවල පිරුණු ස්වභාවය වෙනස්ව දැනෙනවා නම් හෝ ප්‍රමාණයේ හා හැඩයේ වෙනස පැහැදිලිව පෙනෙනවා නම් ඒ පියයුරු දැනෙන ප්‍රමාණයකට අසමමිතිකයි.
එසේ නැතිව පෙනෙන නොපෙනෙන ගණනට වෙනසක් ඇතිනම් අසමමිතික ලෙස සැලකෙන්නෙ නැහැ.
එසේත් නැතිනම් ඔයාලා බ්‍රා එකක් අඳිනකොට පියයුරු දෙකෙන් එකක් හරියට ෆිට් වෙන්නෙ නැතිනම්, එක්කො එකක් තදයි නම්, අන්න ඔබේ පියයුරු අසමමිතිකයි.
පියයුරු අසමමිතික බව වැඩියෙන්ම බලපාන්නේ ඔයා නිරුවත් වන අවස්ථාවේදී. එනම් ලිංගිකව හැසිරෙන විට. එවිට සමහරවිට ඔයාගේ පෙම්වතා, පෙම්වතිය (සමලිංගික නම්) සැමියා හෝ අනියම් සැමියා.. මේ බව නිරීක්‍ෂණය කරන්න පුළුවනි. එය ඒ අවස්ථාවේ ප්‍රශ්නයක් නොවුවත්, පසුකාලෙක ඇහුවොත් ඔයාලට මානසිකව බලපාන්න පුළුවනි.
පිටත පෙනුමට නම් මේක වෙනස් කරගන්න පුළුවන් බ්‍රා එකට කප් එකක් දාලා. එතකොට කුඩා පියයුර විශාල පියයුර හා සමානව ගන්න පුළුවනි. නමුත් නිරුවත්ව හෝ බ්‍රා එකක් ඇඳපු නැති අවස්ථාවක මෙය පෙනෙනවා නම්, එක්කෝ මුලින් කිවුවා වගේ කුඩා පියයුර නිතිපතා මසාජ් කිරීම මගින් තරමක් විශාල කරගන්න පුළුවන්.
ඔයාලට ප්ලාස්ටික් සැත්කමක් කරගන්න සල්ලි තිබෙනවා නම්, ප්ලාස්ටික් සැත්කමක් කරලා පියයුරු දෙකම එක ප්‍රමාණයට හැඩයට ගන්න පුළුවන්.
නමුත් මේ පිළිබද ඔයා ගණන් ගන්නෙ නැතිනම්, ඔයාට ලැබී ඇති සිරුරෙන් ඔබට සෑහීමකට පත් විය හැකි නම්... මේ ගැන ගණන් ගන්න එපා.. හොඳම දේ ඒක තමයි
තවත් හැඩයක් ගැන, තවත් දේ ඊලඟ පෝස්ට් එකකින්,,
Love Guru